සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:21
۞ وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنْذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
තවද ආද්ගේ සහෝදරයා අහ්කාෆ්හි (වැලිකඳු මත) සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත් ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
තෆ්සීර්
අහෝ දූතය! පෙළපතින් ආද්ගේ සහෝදර හූද් තුමා තම සමූහයාට අල්ලාහ්ගේ දඬුවම පහළ වීම ගැන අවවාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුන්ගේ නිවෙස් අරාබි අර්ධත්වීපයට දකුණු දෙසින් වැලිකඳු මත පිහිටා තිබිණ. හූද්ට පෙරත් ඔහුගෙන් පසුවත් ඔවුන්ගේ සමූහයාට අවවාද කරමින්, ‘අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නොනමදින මෙන් ඔවුනට පවසමින් පැමිණි දූතවරුන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් නුඹලා ඔහු සමග වෙනත් කිසිවකු නොනමදිනු. අහෝ මාගේ ජනයිනි! මහත් වූ දිනයේ දඬුවම නුඹලාට අත්වනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.' යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න