සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:20
وَيَوْمَ يُعْرَضُ الَّذِينَ كَفَرُوا عَلَى النَّارِ أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا فَالْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَفْسُقُونَ
තවද ප්රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොර ව උඩගුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.
තෆ්සීර්
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුන් නිරා ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දින ඔවුහු එහි දඬුවමට ලක් වෙති. ඔවුන් හෙළා දකිමින් හා පහර දෙමින්, 'නුඹලාගේ මෙලොව ජීවිතයේ නුඹලාගේ යහකම් නුඹලා විනාශ කර ගත්තෙහුය. එහි ඇති වින්ඳනයන් වින්දෙහුය. නුඹලා කිසිදු යුක්තියකින් තොරව මහපොළොවේ උඩඟුකම් පෑ හේතුවෙන් ද දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් ද අද දින නුඹලා අවමානයට පත් කරන අපහාසයට පත් කරන දඬුවම නුඹලාට විපාක වශයෙන් පිරිනමනු ලැබේ.' යැයි පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න