සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:19
وَلِكُلٍّ دَرَجَاتٌ مِمَّا عَمِلُوا ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَالَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
තෆ්සීර්
ස්වර්ග වාසීන් හා නිරාවාසීන් යන කණ්ඩායම් දෙකින් සෑම කණ්ඩායමකටම ඔවුනොවුන්ගේ ක්රියාවන් අනුව තරාතිරම් ඇත. ස්වර්ගවාසීන්ගේ තරාතිරම උසස් නිලයකි. නිරාවාසීන්ගේ තරාතිරම පහත් තත්ත්වයකි. ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල අල්ලාහ් පූර්ණව ඔවුනට පිරිනමනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන් කළ පාපකම්හි කිසිවක් එකතු කිරීමෙන් ඔවුන් අසාධාරණයට ලක් වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න