සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:13

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.

තෆ්සීර්

‘අපගේ පරමාධිපතියාණන් අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත’ යැයි පවසා දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් මත පදනම් ව ස්ථාවරව සිටියවුන් වනාහි, මතුලොවෙහි ඔවුන් මුහුණ දෙන්නට යන දෑහි ඔවුනට කිසිදු බියක් නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ හා ඔවුනට පසු ව ඇති වන දෑ පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න