සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:12

وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ وَهَٰذَا كِتَابٌ مُصَدِّقٌ لِسَانًا عَرَبِيًّا لِيُنْذِرَ الَّذِينَ ظَلَمُوا وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ

තවද එයට පෙර මග පෙන්වන්නක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අරාබි බසින් වූ (එය) තහවුරු කරන ග්‍රන්ථයයි. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචි දන්වන්නක් පිණිස ද වේ.

තෆ්සීර්

මෙම අල් කුර්ආනයට පෙර මූසා (අලයිහිස් සලාම්) තුමා හට අල්ලාහ් පහළ කළ තව්රාත් ග්රන්ථය විය. එය ඉස්රාඊල් දරුවන් අතරින් කවරෙකු එය විශ්වාස කොට එය අනුගමනය කළේද ඔවුනට එය සත්යය තුළ අනුගමනය කරනු ලබන මෙහෙයවීමක් හා ආශිර්වාදයක් විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම කුර්ආනය පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ තහවුරු කරන අරාබි බසින් වූ ග්රන්ථයක් විය. එමගින් අල්ලාහ්ට ආදේශ කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හට එතුමා අවවාද කරන්නට විය. එමෙන්ම තම මැවුම්කරුවා සමග යහ සම්බන්ධකම් පවත්වන ඔහුගේ මැවීම් සමග යහ සම්බන්ධකම් පවත්වන දැහැමියන්ට එය ශුභාරංචියකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න