සූරා 46 · ජුස් 26
Al-Ahqaf · 46:11
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا لَوْ كَانَ خَيْرًا مَا سَبَقُونَا إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا بِهِ فَسَيَقُولُونَ هَٰذَا إِفْكٌ قَدِيمٌ
“එය යහපතක් වී නම් ඔවුහු ඒ කෙරෙහි අපට ඉදිරියෙන් ගොස් නැතැයි ප්රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසූහ. තවද එමගින් ඔවුහු යහමග නොලැබූ විට ‘මෙය පුරාණ ප්රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
තෆ්සීර්
අල් කුර්ආනය හා ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද, එය ප්රතික්ෂේප කළවුන් දේව විශ්වාසීන්ට, ‘මුහම්මද් ගෙන ආ දෑ යහපත වෙත මග පෙන්වන සත්යයක් වී නම් මෙම දිළිඳුන්, වහලුන් හා දුර්වලයින් අපට වඩා ඉදිරියෙන් සිටිය නොහැක.’ යැයි පවසති. ඔවුන්ගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එමගින් ඔවුන් යහමග නොලැබූ බැවින් ඉදිරියට ඔවුහු, ‘ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය පුරාන ප්රබන්ධයකි. අපි එම ප්රබන්ධය අනුගමනය නොකරමු.’ යැයි පවසනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න