සූරා 46 · ජුස් 26

Al-Ahqaf · 46:10

قُلْ أَرَأَيْتُمْ إِنْ كَانَ مِنْ عِنْدِ اللَّهِ وَكَفَرْتُمْ بِهِ وَشَهِدَ شَاهِدٌ مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ مِثْلِهِ فَآمَنَ وَاسْتَكْبَرْتُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“එය අල්ලාහ් වෙතින් වී ඉස්රාඊල් දරුවන් අතුරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂි දරා පසු ව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩගු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහුද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය) නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී, ඒ ගැන තව්රාතයේ සඳහන් කරුණු පදනම් කර ගනිමින් සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බව ඉස්රාඊල් දරුවන්ගෙන් සාක්ෂිකරුවකු සාක්ෂි දරා, ඔහු ඒ ගැන විශ්වාස කර තිබියදී නුඹලා එය ප්රතික්ෂේප කොට, ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වූයේ නම් ඒ ගැන නුඹලා කුමක් පවසන්නේ දැයි මට දන්වනු. එවිට නුඹලා අපරාධකරුවන් නොවන්නෙහු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාර ජනයාට සත්ය වෙත ආශිර්වාද කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න