සූරා 40 · ජුස් 24
Ghafir · 40:9
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَنْ تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
තවද ඔබ ඔවුන් නපුරු වලින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු වලින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්රහණය.
තෆ්සීර්
ඔවුන්ගේ ක්රියාවන් අතර පවතින නපුරුකම් වලින් නුඹ ඔවුන් ආරක්ෂා කරනු. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් නොකරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් කළ නපුරු ක්රියාවන් වෙනුවෙන් හිමි වන දඬුවමින් ඔබ කවරෙකු ආරක්ෂා කරන්නෙහි ද සැබවින්ම නුඹ ඔහුට ආශිර්වාද කර ඇත්තේය. එසේ දඬුවමින් ආරක්ෂා කොට ස්වර්ගයට ප්රවේශ කිරීම වනාහි කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න