සූරා 40 · ජුස් 24
Ghafir · 40:8
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدْتَهُمْ وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය. මහා ප්රඥාවන්තය.
තෆ්සීර්
අපගේ පරමාධිපතියාණනි! දේව විශ්වාසීන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන බවට නුඹ ඔවුනට කළ ප්රතිඥාව අනුව ඔවුන්ව එහි සදාකල් ප්රවේශ කරනු මැනව! ඔවුන් සමගම දැහැමි ක්රියාවන් සිදු කළ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දරුවන් ද ප්රවේශ කරනු මැනව! සැබවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. නුඹේ සැලසුමෙහි හා නුඹේ නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න