සූරා 40 · ජුස් 24
Ghafir · 40:7
الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ
අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහිය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ අර්ෂය හෙවත් රාජ්යය උසුලාගෙන සිටින මලක්වරුන් හා ඔහු අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපති වූ ඔහුට සුදුසු නොවන දැයින් පිවිතුරු කොට ගුණ ගායනා කරති. ඔහු ව විශ්වාස කරති. අල්ලාහ් ව විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටිමින් මෙසේ පවසති. ‘අපගේ පරමාධිපතියාණනි! ඔබේ දැනුම හා ඔබේ කරුණාව, සියලු දෑ මත පුළුල් ව පවතී. එහෙයින් තම පාපකම් සඳහා පසුතැවිලි වී ඔබේ දහම පිළිපදින්නන්හට ඔබ සමාව දෙනු මැනව! නිරය ඔවුන් ස්පර්ශ කිරීමෙන් නුඹ ඔවුන් ආරක්ෂා කරනු මැනව!'
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න