සූරා 40 · ජුස් 24
Ghafir · 40:10
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِنْ مَقْتِكُمْ أَنْفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත්ය.’ යැයි නියත වශයෙන්ම ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලැබීය.
තෆ්සීර්
‘මෙලොවෙහි අල්ලාහ් ව විශ්වාස කරන මෙන් නුඹලා ඇරයුම් කරනු ලබමින් සිටියදී එය නුඹලා ප්රතික්ෂේප කොට ඔහු සමග වෙනත් දෙවිවරුන් ගත් අවස්ථාවේ නුඹලාගෙන් ඇතෙමකු ඇතැමෙකු කෙරෙහි දැක් වූ ක්රෝධයට වඩා අල්ලාහ්ගේ ඉමහත් ක්රෝධය නුඹලා සතු වනු ඇතැ’යි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන විට ඔවුනටම දොස් නගමින්, ශාප කරමින් සිටින අවස්ථාවේ අමතනු ලබති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න