සූරා 40 · ජුස් 24

Ghafir · 40:82

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ

ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි අධීක්ෂණය නොකළෝද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ (සංඛ්‍යවෙන්) අධික මෙන්ම බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණු වලින් ඉතා බලවත් වූහ. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.

තෆ්සීර්

බොරුකරමින් සිටින මොවුහු මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කොට ඒ ගැන පාඩම් ලැබිය යුතු නොවේ ද? එම සමූහයන් ඔවුනට වඩා ධනයෙන් ඉතා අධික, බලයෙන් ඉතා ශක්තිමත්, මහ පොළොවේ වඩාත් බලපෑම් ඇති කළ හැකි බලවත් උදවිය වූහ. අල්ලාහ්ගේ විනාශකාරී දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් උපයා ගත් එම බලය ඔවුනට ඵලක් නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න