සූරා 40 · ජුස් 24

Ghafir · 40:67

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخًا ۚ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ مِنْ قَبْلُ ۖ وَلِتَبْلُغُوا أَجَلًا مُسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ

මැටියෙන් ද පසු ව ශුක්‍රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු වශයෙන් බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතුරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. නුඹලා වටහා ගත හැකි වනු පිණිස (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරියි.

තෆ්සීර්

නුඹලාගේ ආදි පියා ආදම් පසින් මැව්වේ ඔහුය. ඔහුගෙන් පසු ව නුඹලා ශුක්රාණුවෙන් ද ඉන් පසු ලේ කැටියෙන් ද නුඹලා ව නිර්මාණය කොට ඉන් පසු නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කුඩා බිළිඳන් සේ ඔහු බැහැර කළේය. පසු ව නුඹලා වැඩුණු ශරීරයෙන් යුත් වයසට ළඟා වී පසු ව වයෝවෘද්ධ භාවයට පත්වන තෙක් නුඹලා වැඩෙන්නෙහුය. නුඹලා අතර ඊට පෙර මිය යන්නන් ද වෙති. අල්ලාහ්ගේ දැනුමෙහි නියම කරන ලද කාලයක් දක්වා නුඹලා ළඟා වන්නෙහුය. ඉන් කිසිවක් නුඹලා අඩු නොකරනු ඇත. එමෙන්ම වැඩි නොකරනු ද ඇත. එය ඔහුගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක තුළින් නුඹලා ප්රයෝජනය ලැබිය හැකි වනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න