සූරා 40 · ජුස් 24
Ghafir · 40:66
۞ قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَمَّا جَاءَنِيَ الْبَيِّنَاتُ مِنْ رَبِّي وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අයට මා ගැතිකම් කිරීමෙන් නියත වශයෙන්ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි. යැයි (නබිවරය) ඔබ පවසනු.
තෆ්සීර්
මෙම පිළිම ව්යාජ බව පෙන්වමින් පැහැදිලි සාක්ෂි හා සාධක මා වෙත පැමිණි අවස්ථාවේ අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි එවන් පිළිම මා වන්දනා කිරීම අල්ලාහ් මට තහනම් කර ඇත්තේය. තවද නැමදුම් කිරීමෙන් ඔහුට පමණක් අවනත වන මෙන් ද අල්ලාහ් මට නියෝග කර ඇත්තේය. ඔහු සියලු මැවීම්හි පරමාධිපතිය. ඔහු හැර ඒවාට වෙනත් පරමාධිපතියෙකු නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න