සූරා 40 · ජුස් 24
Ghafir · 40:65
هُوَ الْحَيُّ لَا إِلَٰهَ إِلَّا هُوَ فَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۗ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
ඔහු ජීවමානයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙසින් ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා.
තෆ්සීර්
ඔහු මිය නොයන අමරණීයය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා කන්නලව් කරමින් නැමදුම් කරමින් ඔහුගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් ඔහුගෙන් පතනු. ඔහු සමග ඔහුගේ වෙනත් මැවීම් හවුල්කොට ඔහුට ආදේශ නොකරනු. සියලු මැවීම්හි පරමාධිපතියාණන්ටමය සියලු ප්රශංසා.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න