සූරා 40 · ජුස් 24
Ghafir · 40:64
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاءَ بِنَاءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. තවද නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නුඹලාව ඔහු හැඩ ගැන්වීය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමීය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලා මහ පොළොව මත වාසය කිරීම සඳහා සූදානම් කරනු ලැබූ ද්වීපයක් බවට එය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාට ඉහළින් පවතින අහස නොවැටෙන සේ ගොඩනැගිල්ලක් සේ නිර්මාණය කළේ ද ඔහුය. එමෙන්ම ඔහු නුඹලාගේ මව්වරුන්ගේ ගර්භාෂයන්හි නුඹලාට රුව ලබා දී නුඹලාගේ එම රුව ඔහු අලංකාරවත් කළේය. අනුමත හා පිවිතුරු ආහාර නුඹලාට පෝෂණය කළේය. මේ සියලු ආශිර්වාදයන් නුඹලාට පිරිනැමුවේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. සියලු මැවීම්හි හිමිපාණන් වන අල්ලාහ් උත්කෘෂ්ට විය. සුවිශුද්ධයාණන් වන ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න