සූරා 40 · ජුස් 24

Ghafir · 40:61

اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්‍යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.

තෆ්සීර්

නුඹලා වාසය කිරීම සඳහාත් විවේකය සඳහාත් රාත්රිය අඳුර ගෙන දෙන්නක් බවට පත් කළේ අල්ලාහ් වන ඔහුය. එමෙන්ම නුඹලා වැඩ කටයුතු කිරීම සඳහා ආලෝකය ගෙන දෙන්නක් බවට දහවල ද ඇති කළේය. අල්ලාහ්ගේ බාහිර මෙන්ම අභ්යන්තර ආශිර්වාදයන් ඔවුනට ආවරණය කර දුන් අවස්ථාවේ ඔහු මිනිසුන්ට අතිමහත් භාග්යවන්තයකු විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදය සඳහා ඔහුට කෘතඥ නොවෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න