සූරා 40 · ජුස් 24

Ghafir · 40:60

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

“නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව) පිළිගනිමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි.

තෆ්සීර්

අහෝ ජනියිනි! නුඹලාගේ පරමාධිපති මෙසේ පවසා සිටියි. ‘නුඹලා නැමදුමෙහි හා ආයාචනයෙහි මා පමණක් ඒකීයකරණය කරනු. නුඹලාගේ ප්රාර්ථනාවට මම පිළිතුරු දෙමි. නුඹලාගේ පාපකම් නොසලකා හැර නුඹලාට කරුණා කරමි. මා පමණක් නැමදීමට උඩඟු වූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා පහත් නීචයින් ලෙස අපා ගින්නට මතු පිවිසෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න