සූරා 40 · ජුස් 24
Ghafir · 40:62
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَيْءٍ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
තෆ්සීර්
තම ආශිර්වාද නුඹලාට පිරිනමා නුඹලා භාග්යමත් කළ අල්ලාහ් වන ඔහු සියලු දෑ හි මැවුම්කරුය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නොමැත. ඔහු නැමදීම අත්හැර දමා ඔහු විසින් හැර කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කළ නොහැකි වෙනත් දෑ නැමදීමට නුඹලා හැරෙනුයේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න