සූරා 40 · ජුස් 24

Ghafir · 40:57

لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අති මහත්ය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

තෆ්සීර්

අහස් හා මහ පොළොව මැවීම ඒ දෙකෙහි වූ විශාලත්වය හා පුළුල්භාවය අනුව මිනිසා මැවීමට වඩා ඉතා බැරෑරුම් කාර්යයකි. ඒ දෙකෙහි විශාලත්වය සමග ඒ දෙක මැවූ මැවුම්කරුවා මියගියවුන් විනිශ්චයට භාජනය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත ජීවය දී අවදි කිරීමට බලය ඇත්තාය. නමුත් බහුතරයක් දෙනා ඒ ගැන වටහා නොගනිති. එමගින් පාඩම් නොලබති. එය එසේ පැහැදිලි ව තිබියදී නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුන් එය සාධක බවත් පත් කර නොගනිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න