සූරා 40 · ජුස් 24

Ghafir · 40:58

وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَلَا الْمُسِيءُ ۚ قَلِيلًا مَا تَتَذَكَّرُونَ

තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙති. තවද විශ්වාස කොට යහකම් සිදු කළවුන් හා දුෂ්ටකම් කරන්නා ද (සමාන) නොවෙති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ.

තෆ්සීර්

පෙනීම ඇත්තා හා පෙනීම නොමැත්තා සමාන වන්නේ නැත. එමෙන්ම අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතවරුන් සත්යය ලෙස පිළිගෙන ඔවුන්ගේ ක්රියාවන් දැහැමි භාවයට පත් කරගත්තවුන් ද සමාන වන්නේ නැත. තම ක්රියාවන් කලහකාරී හා පාපකාරී හැඟීමෙන් යුක්ත ව එය නපුරු බවට පත් කොට ස්වල්පයක් පමණක් මෙනෙහි නොකරන්නන් ද සමාන වන්නේ නැත. නුඹලා ඔවුනට මෙනෙහි කළෙහි නම් එම කණ්ඩායම් දෙක අතර වෙනස නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා ද අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් කළවුන් අතරට පත් වනු පිණිස නුඹලා වෙහෙස දරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න