සූරා 40 · ජුස් 24
Ghafir · 40:56
إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۙ إِنْ فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَا هُمْ بِبَالِغِيهِ ۚ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නොතිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නොවෙති. එහෙයින් ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්රාවකය. සර්ව ඥානීය.
තෆ්සීර්
අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙහෙසෙමින් වාද කරන්නන් වනාහි, ඒ සඳහා ඔවුනට උර දුන්නේ සත්යයට එරෙහි ව ඔවුන් තුළ තිබූ මහත් අහංකාරය මිස වෙනෙකක් නොවීය. එයින් ඔවුන් පතන උසස්භාවය වෙත කිසිවිටෙක ඔවුන් ළඟා වන්නේ ම නැත. අහෝ දූතය! ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ බලා සිටින්නාය. ඒවායින් ඔහුට කිසිවක් අතපසු වන්නේ නැත. ඒවා සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න