සූරා 40 · ජුස් 24
Ghafir · 40:55
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
එහෙයින් ඔබ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවකි. තවද ඔබේ පාපය සඳහා ඔබ සමාව අයදිනු. තවද ඔබේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ ප්රජාව නුඹ ව බොරුකාරයෙකු ලෙස සැලකීම හා ඔවුන්ගේ හිංසනයන් කෙරෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. ජයග්රහණය හා ස්ථාවරත්වය පිළිබඳ අල්ලාහ් නුඹට දුන් ප්රතිඥාවෙහි කිසිදු සැකයක් නැත. නුඹේ පාපයන් සඳහා නුඹ පාප ක්ෂමාව ඇයදිනු. නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් දහවල් කාලයේ ආරම්භයේ හා එහි අවසානයේ සුවිශුද්ධ කරනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න