සූරා 40 · ජුස් 24

Ghafir · 40:50

قَالُوا أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُمْ بِالْبَيِّنَاتِ ۖ قَالُوا بَلَىٰ ۚ قَالُوا فَادْعُوا ۗ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ

“නුඹලාගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග නොපැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත.

තෆ්සීර්

නිරයේ භාරකරුවෝ දේව ප්රතික්ෂේපකයින්ට ප්රතිචාර දක්වමින්, ‘පැහැදිලි සාක්ෂි හා සාධක සමග නුඹලාගේ දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේද?’ යැයි විමසුවෝය. දේව ප්රතික්ෂේපකයෝ, ‘එසේය, ඔවුන් පැහැදිලි සංඥා හා සාධක සමග අප වෙත පැමිණියෝය.' යැයි පවසති. භාරකරුවෝ ඔවුනට උපාහාසත්මක ලෙසින්, ‘එසේ නම් නුඹලා ඇරයුම් කරනු. නමුත් අපි දේව ප්රතික්ෂේපකයින් වෙනුවෙන් මැදිහත් නොවන්නෙමු.' යැයි පැවසුවෝය. දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රාර්ථනාව නිෂ්ඵල අපතේ ගිය ප්රාර්ථානවක් මිස නොවීය. ඊට හේතු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගෙන් එය පිළිනොගන්නා බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න