සූරා 40 · ජුස් 24

Ghafir · 40:49

وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِنَ الْعَذَابِ

“දඬුවමින් දිනක් අප වෙතින් ඔහු සැහැල්ලු කිරීමට නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති.

තෆ්සීර්

අනුගාමිකයින් හා අනුගමනය කරනු ලැබූවන් අතරින් නිරා ගින්නේ දඬුවම් ලබමින් සිටින්නෝ නිරා ගින්නෙන් බැහැර වී නැවත මෙලොව ජීවිතය වෙත ගොස් පාප ක්ෂමාව අයැදීමට අසමත් වූ කල්හි, බලාපොරොත්තු සුන් කර ගනිමින් ඔවුහු නිරයට භාරකාර මලක්වරු දෙස බලා, ‘මෙම සදාකාලීන් දඬුවමින් එක් දවසක් හෝ අපගෙන් එය සැහැල්ලු කරන මෙන් නුඹලාගේ පරමාධිපතිට නුඹලා කන්නලව් කරනු.’ යැයි පවසති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න