සූරා 40 · ජුස් 24
Ghafir · 40:48
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ
“නියත වශයෙන්ම අපි සියල්ලෝම සිටින්නේ එහිය. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ”යි උඩඟු වූවෝ පවසති.
තෆ්සීර්
අනුගමනය කරනු ලැබූ අහංකාරයින්, ‘සැබවින්ම අපි-අනුගමනය කරන්නන් හා අනුගමනය කරනු ලැබූවන්- නිරා ගින්නෙහි එක සමානයන් වන්නෙමු. අප අතරින් කිසිවෙකු වෙනත් කෙනෙකුගේ දඬුවම උසුලන්නේ නැත. සැබවින්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇත. සෑම කෙනෙකුටම සුදුසු දඬුවම ඔහු පිරිනමා ඇත. යැයි උඩඟු වූවෝ පවසති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න