සූරා 40 · ජුස් 24

Ghafir · 40:47

وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا نَصِيبًا مِنَ النَّارِ

තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන්ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු” දැයි දුබලයෝ උඩඟු වූ අයගෙන් විමසනු ඇත.

තෆ්සීර්

නිරා වාසීන් අතරින් අනුගාමිකයෝ සහ අනුගමනය කරනු ලැබූවෝ එකිනෙකා වාද කරන මොහොත, අහෝ දූතය! මෙනෙහි කර බලනු. දුර්වල අනුගාමිකයින් අනුගමනය කරනු ලැබූ අහංකාරයින් දෙස බලා, "සැබවින්ම අපි මෙලොවෙහි මුළාවෙහි සිට නුඹලා ව අනුගමනය කළෙමු. අල්ලාහ්ගේ දඬුවමින් කොටසක් නුඹලා උසුලමින් එයින් අප ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු ද?" යැයි විමසනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න