සූරා 40 · ජුස් 24

Ghafir · 40:46

النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ

(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. අවසන් හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවම වෙත ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)

තෆ්සීර්

ඔවුන්ගේ මරණයෙන් පසු ව මිනීවළවල් තුළ දහවල ආරම්භයේ හා එහි අවසානයේ ඔවුන්ගේ නිරය හමුවට ඉදිරිපත් කරනු ලබති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට: ‘ෆිර්අවුන් අනුගමනය කළවුන් වන නුඹලා අති බිහිසුණු මෙන්ම ඉතා දැඩි දඬුවම තුළට පිවිසෙනු. එය ඔවුන් දේව ප්රතික්ෂේපය බොරු කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් සිටි හේතුවෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න