සූරා 40 · ජුස් 24

Ghafir · 40:51

إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරන්නෙමු.

තෆ්සීර්

සැබවින්ම අපි අපගේ දූතවරුන් හා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් තහවුරු කරමින් හා ඔවුන්ගේ සක්ෂි සාධක ඉස්මතු කරමින් මෙලොවෙහි අපි ඔවුනට ජය අත් කර දෙමු. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අපි ඔවුනට ජය අත් කර දෙන අතර නබිවරුන්, මලාඉකාවරුන් හා දේව විශ්වාසීන් කළ ප්රචාරයට හා එම සමූහයන් බොරු කිරීමට එරෙහි ව වාද කරන්නන්ට දඬුවම් දෙමින් ජය අත් කර දෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න