සූරා 40 · ජුස් 24

Ghafir · 40:5

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِنْ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ

ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ දහම් දූතවරුන්) බොරු කළෝය. සෑම සමූහයක්ම තමන්ගේ දහම් දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝය. තවද ඔවුන් සත්‍යය විනාශ කරනු පිණිස අසත්‍යය ගෙන එමගින් තර්ක කළෝය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?

තෆ්සීර්

මොවුනට පෙර නූහ්ගේ ජනයා ද බොරු කළෝය. නූහ්ගෙන් පසු ව පැමිණි කණ්ඩායම්ද බොරු කළෝය. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා, මද්යන්වාසීහු බොරු කළෝය. එමෙන්ම ෆිර්අවුන්ද බොරු කළේය. මෙම සමූහයන් අතරින් සෑම සමූහයක් ම තම දූතයාණන් ග්රහණය කර මරා දමන්නට තැත් කළෝය. සත්යය පහ කිරීම සඳහා ඔවුන් වෙත තිබූ ව්යාජ දෑ ගෙනැවිත් තර්ක කළෝය. එවිට එම සමූහයන් ග්රහණයට ලක් වූහ. ඔවුන් සතු වූ මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම එය ඉතා දරුණු දඬුවමක් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න