සූරා 40 · ජුස් 24
Ghafir · 40:4
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ
දෙවියන් ප්රතික්ෂේප කළවුන් හැර (වෙනත් කිසිවකු) අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නොකරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබ ව රැවටිය නොයුතුය.
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහුගේ දූතවරුන්ගේ සත්යභාවය පෙන්වා දෙන අල්ලාහ්ගේ වදන් පිළිබඳ තර්ක කරනුයේ තම බුද්ධිය නරක් වී ගිය හේතුවෙන් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. ඔවුන් සිටින සැප පහසුකම් හා පෝෂණ සම්පත් නුඹ ව රවටා නොදැමිය යුතුය. එසේ ඔවුනට ඉඩ දී ඇත්තේ ක්රමක්රමයෙන් ඔවුන් ග්රහණය කිරීමට ඔවුනට සිදු කරන සැලසුමක් වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න