සූරා 40 · ජුස් 24

Ghafir · 40:3

غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ

(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්‍යාගශීලීවන්තය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය.

තෆ්සීර්

පාපතරයින්ගේ පාප කම්වලට සමාව දෙන්නාය. තම ගැත්තන් අතරින් ඔහු වෙත පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපොච්චාරණය පිළිගන්නාය. තම පාපයන්ට සමාව නොඇයදින්නන්ට දැඩි දඬුවම් පමුණුවන්නාය. ත්යාගශීලිය. භාග්ය පිරිනමන්නාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් යොමු වන ස්ථානය පිහිටා ඇත්තේ ඔහු වෙතමය. ඔවුනට උරුම වූ ගැළපෙන දැයින් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න