සූරා 40 · ජුස් 24

Ghafir · 40:43

لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ

“නියත වශයෙන්ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින්ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”

තෆ්සීර්

සැබවින්ම විශ්වාස කරන මෙන් ද, අවනත වන මෙන් ද, නුඹලා කවර දෙයක් වෙත මා ඇරයුම් කර සිටින්නේද සැබෑවටම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ එසේ ඇරයුම් කරනු ලබන්නට ඔහු කිසිදු අයිතියක් නොමැත්තෙකි. ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්හට පිළිතුරු නොදෙන්නෙකි. අප සියලු දෙනාගේම හැරී යන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. සැබවින්ම දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා කටයුතු කරන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසීමට අනිවාර්යය වූ නිරා වාසීහු වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න