සූරා 40 · ජුස් 24

Ghafir · 40:42

تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ

“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”

තෆ්සීර්

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහු සමග නැමදුම් කිරීමට සුදුසු නැති, ඒ ගැන කිසිදු දැනුමක් නැති දෑ, ඔහු සමග සම්බන්ධ කොට මා නමදිනු ඇතැයි බලාපොරොත්තුවෙන් නුඹලා මා ව්යාජ දෑ වෙත ඇරයුම් කරන්නෙහුය. නමුත් මා ඇරයුම් කරනුයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම සඳහාය. ඔහු අතික්ෂමාශීලීය. තම ගැත්තන්හට මහත් සේ සමාව දානය කරන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න