සූරා 40 · ජුස් 24

Ghafir · 40:29

يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَنْ يَنْصُرُنَا مِنْ بَأْسِ اللَّهِ إِنْ جَاءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَىٰ وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ

අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්‍යය නුඹලා සතු කර ගෙන ඇත. නමුත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසීය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නොපෙන්වමි. එමෙන්ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නොපෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසීය.

තෆ්සීර්

අහෝ මාගේ ජනයිනි! අද දින රාජ්ය බලය නුඹලා සතු ව ඇත. මිසර දේශයේ (ඊජිප්තුවෙහි) නුඹලා සාර්ථක ව සිටින්නෙහුය. මූසා ව මරා දැමීම හේතුවෙන් අප වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියේ නම් ඉන් අපට උදව් කරනුයේ කවරෙකු ද? (යැයි විමසීය.) (ඒවිට) ෆිර්අවුන්, ‘අදහස මගේ අදහස පමණය. තීරණය මගේ තීරණය පමණය. හානිය ප්රචණ්ඩත්වය වැළැක්වීමක් වශයෙන් සැබවින්ම මම මූසා ව මරා දමන්නට තීරණය කළෙමි. නිවැරුදි ඍජු දෑ වෙත හැර මම නුඹලාට මග නොපෙන්වෙමි’ යැයි තවදුරටත් පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න