සූරා 40 · ජුස් 24
Ghafir · 40:28
وَقَالَ رَجُلٌ مُؤْمِنٌ مِنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَنْ يَقُولَ رَبِّيَ اللَّهُ وَقَدْ جَاءَكُمْ بِالْبَيِّنَاتِ مِنْ رَبِّكُمْ ۖ وَإِنْ يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ ۖ وَإِنْ يَكُ صَادِقًا يُصِبْكُمْ بَعْضُ الَّذِي يَعِدُكُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ
“මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමග සැබැවින්ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවමය. තවද ඔහු සත්යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හට ගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පවුල අතුරින් තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසීය.
තෆ්සීර්
අල්ලාහ් ව විශ්වාස කළ (නමුත්), තම දේව විශ්වාසය තම සමූහයාගෙන් වසන් කළ ෆිර්අවුන් පැළැන්තියෙන් වූ මිනිසෙකු, මූසා ව ඝාතනය කිරීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. “කිසිදු වරදකින් තොර ව ‘මාගේ පරමාධිපති අල්ලාහ්’ යැයි පැවසූ එකම හේතුවෙන් නුඹලා ඒ පුද්ගලයා මරා දමන්නෙහු ද? සැබවින්ම ඔහු ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙක් යැයි ඔහු කරන වාදය තහවුරු කරනු වස් පැහැදිලි සාක්ෂි හා සාධක නුඹලා වෙත ගෙනැවිත් ඇත. සැබවින්ම ඔහු බොරු කාරයෙකු යැයි සැලකෙන්නේ නම් ඔහුගේ බොරුවේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එමෙන්ම ඔහු සත්යයවාදියෙකු නම් නුඹලාට කවර දඬුවමක් පිළිබඳ ඔහු ප්රතිඥා දෙන්නේද ඉන් සමහරක් මෙලොවෙහිම නුඹලාට අත්වනු ඇත. සැබවින්ම අල්ලාහ් ඔහුගේ සීමාව ඉක්මවා ගිය ඔහු කෙරෙහි හා ඔහුගේ දූතවරුන් කෙරෙහි බොරුගොතන පුද්ගලයින් හට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද නොකරයි.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න