සූරා 40 · ජුස් 24
Ghafir · 40:27
وَقَالَ مُوسَىٰ إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ
“විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නොකරන සෑම අහංකාරයකුගෙන්ම ආරක්ෂාව මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් පතමි“ යැයි මූසා පැවසුවේය.
තෆ්සීර්
ෆිර්අවුන් ඔහුට කළ තර්ජනය ගැන මූසා (අලයිහිස් සලාම්) තුමා දැන ගත් කල්හි එතුමා: ‘සැබවින්ම මම පැත්තකට වෙමි. පරමාධිපති පිළිබඳ වූ විශ්වාසය හා සත්යය පිළිගැනීමට උඩඟු වූ සෑම කෙනෙකුගෙන්ම මම මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. එවැන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා එහි පවතින විනිශ්චය හා දඬුවම ගැන විශ්වාස නොකරයි.'යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න