සූරා 40 · ජුස් 24
Ghafir · 40:26
وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُ ۖ إِنِّي أَخَافُ أَنْ يُبَدِّلَ دِينَكُمْ أَوْ أَنْ يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ
“නුඹලා මා අතහැර දමනු. මම මූසා ව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත, එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ ඇති කරනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසීය.
තෆ්සීර්
‘මූසාට දඬුවමක් වශයෙන් මා ඔහු මරා දමන්නට නුඹලා මට ඉඩ දෙනු. මගෙන් එය වැළැක්වීම සඳහා ඔහු ඔහුගේ පරමාධිපතිට කන්නලව් කරත්වා! ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කර සිටීම සම්බන්ධයෙන් මට කම් නැත. සැබවින්ම නුඹලා සිටින නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇතැයි මම බිය වෙමි. එසේ නැතහොත් මහ පොළොවේ මිනී මරමින් හා විනාශ කරමින් ප්රචණ්ඩත්වය බිහි කරනු ඇතැයි බිය වෙමි.’ යැයි ෆිර්අවුන් පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න