සූරා 40 · ජුස් 24
Ghafir · 40:22
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
එය ඔවුන් වෙත ඔවුන්ගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණිය ද ඔවුහු ප්රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්රහණය කළේය. නියත වශයෙන්ම ඔහු බලවත්ය. දඬුවම් දීමෙහි දැඩිය.
තෆ්සීර්
ඔවුනට අත් වූ එම දඬුවම එසේ ඔවුනට අත් වූයේ, ඔවුන්ගේ දූතවරු අල්ලාහ් වෙතින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආව ද, ඔවුහු අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් බොරු කළ බැවිණි. ඔවුන් එසේ බලවත් ලෙස සිටිය ද අල්ලාහ් ඔවුන් ග්රහණය කොට විනාශ කර දැමීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුනට දැඩි ලෙස දඬුවම් දීමෙහි සැබවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු අති බලවත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න