සූරා 40 · ජුස් 24

Ghafir · 40:21

۞ أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِنْ قَبْلِهِمْ ۚ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ

තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණු තැබීමෙන් අධික වූහ. එවිට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය.

තෆ්සීර්

මෙම දේව ආදේශකයෝ මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර විසූ ජන සමූහයාගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? සැබවින්ම එය නපුරු අවසානයක් විය. එම සමූහයන් මොවුනට වඩා බලවත් අය විය. ඔවුන් එහි ගොඩනැගිලි ඉදිකර බලපෑමක් ඇති කළාක් මෙන් මොවුන් මිහිකතේ බලපෑමක් ඇති නෙකළෝය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න