සූරා 40 · ජුස් 24

Ghafir · 40:20

وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ

තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් හෝ තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක වනුයේ.

තෆ්සීර්

අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු පිරිනමයි. කිසිවකුගේ කුසල් අඩු කරමින් හෝ ඔහුගේ පාපකම් හි කිසිවක් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් කිසිවකුට නොකරයි. අල්ලාහ් හැර දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ වනාහි ඔවුහු කිසිවක් තීන්දු කිරීමට නොහැකි අය වෙති. ඊට හේතුව ඔවුනට කිසිවක් අයිති නොමැති බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ අධිෂ්ඨානයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව නිරීක්ෂකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න