සූරා 40 · ජුස් 24

Ghafir · 40:16

يَوْمَ هُمْ بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ

එදින ඔවුහු එළිමහනේ ඉදිරියට පැමිනැන්නන් වෙති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙතින් නොසැඟවෙයි. එදින ආධිපත්‍යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය.

තෆ්සීර්

එදින ඔවුන් එළිමහනට පැමිණෙති. එක් උස් තැනකට රැස් වෙති. ඔවුන්ගේ චරිතය හෝ ඔවුන්ගේ ක්රියාවන් හෝ ඔවුන්ගේ ප්රතිඵල යනාදී කිසිවක් ඔවුන්ගෙන් සැඟවෙන්නේ නැත. අද දින සර්ව රාජ්ය හිමි වන්නේ කාහටදැ?යි විමසනු ලැබේ. දැන් ඇත්තේ එකම පිළිතුරක් පමණි. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ක්රියාවන්හි ඔහුට පමණක් රාජ්ය බලය සතු වන්නේය. ඔහු සියලු දෑ මැඬ ලමින් පාලනය කරන මහා පාලකායය. සෑම දෙයක්ම ඔහු ට යටහත් ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න