සූරා 40 · ජුස් 24
Ghafir · 40:17
الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
අද දින සෑම ආත්මයක්ම ඔවුන් උපයා ගත් දෑ වෙනුවෙන් ප්රතිඵල දෙනු ලබති. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත්ය.
තෆ්සීර්
අද දින සෑම ආත්මයක්ම සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එය යහපත් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි. මෙදින කිසිදු අසාධාරණයක් නැත. ඊට හේතුව විනිශ්චයකරු සාධාරණනීය අල්ලාහ් වන බැවිණි. සැබවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව ප්රකාරයෙන් දන්නා බැවින් ඔවුන් සඳහා වූ විනිශ්චය ඉක්මන් කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න