සූරා 40 · ජුස් 24

Ghafir · 40:15

رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ

(ඔහු ඔහුගේ) තරාතිරම්හි උත්කෘෂ්ටය. අර්ෂ් (හෙවත් විශ්ව රාජ්‍යයෙ)හි හිමිපාණන්ය. එකිනෙකා හමුවන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු තම ගැත්තන් අතුරින් අභිමත කරන්නන් වෙත තම නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි.

තෆ්සීර්

ඔහුට අවංක ලෙස ප්රාර්ථනාව හා අවනතභාවය පුද කරන්නට සුදුස්සා ඔහුම ය. ඔහු ඔහුගේ සියලු නිර්මාණ වලට වඩා වෙනස් උසස් නිලයෙන් යුක්තය. සර්ව රාජ්යයේ පරමාධිපතිය. ඔහු අභිමත කරන ගැත්තන්හට ඔවුන් ජීවී ව ජීවත් වනු පිණිසත් අන් අයට ජීවය දෙනු පිණිසත් පෙරගාමීන් හා පසුගාමීන් එකිනෙකා මුණ ගැසෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔවුන් බිය ගන්වනු පිණිසත් දේව පණිවිඩ ඔහු පහළ කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න