සූරා 40 · ජුස් 24
Ghafir · 40:13
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُمْ مِنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَنْ يُنِيبُ
ඔහු වනාහි ඔහු ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) මෙනෙහි නොකරනු ඇත.
තෆ්සීර්
අල්ලාහ් වනාහි, ඔහු නුඹලාට ක්ෂිතිජයෙහි හා නුඹලාගේ ආත්මාවන් තුළ ම තම සංඥා ප්රාතිහාර්යය පෙන්වා දෙයි. එය ඔහුගේ බලය හා ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක නුඹලාට ඉදිරිපත් කරනු පිණිසය. එමෙන්ම අහසින් වැසි ජලය නුඹලාට පහළ කරයි. එය ගහකොළ පැළෑටි හා වෙනත් දෑයින් නුඹලා පෝෂණය ලැබීමේ හේතු සාධකයක් වශයෙනි. පාපක්ෂමාව අයැදිමින් අවංක ලෙස අල්ලාහ් වෙත යොමු වන්නන් හැර ඔහුගේ වදන් තුළින් වෙනත් කිසිවෙකු උපදෙස් ලබන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න