සූරා 40 · ජුස් 24
Ghafir · 40:12
ذَٰلِكُمْ بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِنْ يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
එය, අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්රතික්ෂේප කොට ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කරන බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය.
තෆ්සීර්
නුඹලා විඳින මෙම දඬුවම වනාහි, සැබවින්ම කිසිවකු සමග හවුලක් නැති අල්ලාහ්ට පමණක් නුඹලා නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු ලබන විට නුඹලා ඔහුව ප්රතික්ෂේප කොට ඔහුට හවුල්කරුවන් පත් කළ බැවින් හා ඔහු සමග තවත් හවුල්කරුවකු නමදිනු ලබන විට නුඹලා විශ්වාස කළ බැවිණි. තීන්දුව අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ කිර්තියෙන් හා ඔහුගේ අසීමිත බලයෙන් ඔහු උත්තරීතරය. සියලු දේ ඔහුට පහළින් ඇති ඔහු අති ශ්රේෂ්ඨය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න