සූරා 4 · ජුස් 5
An-Nisa · 4:95
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
දේව විශ්වාසවන්තයින් අතුරින් හේතු සහිත වූවන් හැර (සටනට නොගොස්) රැඳී සිටියවුන් හා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන් සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළ වුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලට යහපත දෙන බව පොරොන්දු වී ඇත.
තෆ්සීර්
රෝගීන් හා වළක්වනු ලැබූවන් මෙන් නිදහසට කරුණු දැක්විය හැකි උදවිය හැර අල්ලාහ්ගේ මාර්ගයේ සටනට සහභාගී නොවී රැඳී සිටි දේව විශ්වාසීන් හා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත කැප කළ මුජාහිද්වරුන් එක සමාන නොවන්නේය. ජිහාද් නොකොට රැඳී සිටියවුන්ට වඩා තම ධනය හා ජීවිත කැප කළ මුජාහිද්වරුන් අල්ලාහ් තරාතිරමින් උසස් කොට ඇත. සෑම මුජාහිද්වරයකුටම හා නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි යුද්ධයට සහභාගී නොවූවන්හට ඔවුනොවුනට නියමිත ප්රතිඵල ඇත. අල්ලාහ් තමන් අබියස වූ අතිමහත් තිළිණ මුජිහිද්වරුන්ට පිරිනැමීම තුළින් සටනට සහභාගී නොවූවනට වඩා ඔවුන් උසස් කර ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න