සූරා 4 · ජුස් 5
An-Nisa · 4:94
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
දේව විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වැදීමට) ගිය විට (නුඹලා මුහුණ දෙන සතුරා විශ්වාසිවන්තයකු ද අවිශ්වාසවන්තයකු ද යන්න සොයා බලා) පැහැදිලි කර ගනිවු. නුඹලාට සලාම්-ශාන්තිය ඉදිරිපත් කළ අයට නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සොයමින් ‘නුඹ දේව විශ්වාස වන්තයකු නොවේ’ යැයි නොපවසනු. අල්ලාහ් අබියස බොහෝ සම්පත් ඇත. මීට පෙර නුඹලා ද සිටියේ මෙලෙසමය. පසුව අල්ලාහ් නුඹලාට උපකාර කළේය. එබැවින් පැහැදිලි කර ගනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නට යුද පිටියට ගිය විට ඔබ සටන් කරන ප්රතිවාදියා පිළිබඳ තහවුරු කර ගනු. ඔහු සාමය වෙත ඇතුළු වන බවට යම් කිසි සාධකයක් ඔහුගෙන් නුඹලාට දැක ගන්නට ලැබූ විට ‘ඔබ දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ' යැයි නොපවසනු. එසේ සාමය වෙත ඇතුළු වූ බව පවසන අයට එරෙහි ව නැගී සිටිය හැක්කේ ඔබේ ජීවිතය, ඔබේ ධනය කෙරෙහි ඔබ බිය වෙතොත් පමණි. නමුත් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගන්නා මෙලොව අල්ප වස්තුව උදෙසා එසේ ඝාතනය කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් වස්තුව ඇති බවත්, එය මේ අල්ප වස්තුවට වඩා ශ්රේෂ්ඨ හා අති උතුම් බවත් දැන ගත යුතුය. ඔබේ ජනයාට බියෙන් ඔබත් දේව විශ්වාසය සඟවා සිටියාක් මෙන් ඔහුද එසේ සඟවා සිටිනවා විය හැක. එහිදී අල්ලාහ් නුඹලාට ඉස්ලාමය පිරිනමා නුඹලාගේ ජීවිත ආරක්ෂා කළේය. එබැවින් ඔබ ඔහු ගැන තහවුරු කර ගනු. සැබැවින්ම නුඹලාගේ කිසිදු ක්රිායාවක් එය සියුම් කරුණක් වූවත් අල්ලාහ් ට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න