සූරා 4 · ජුස් 5
An-Nisa · 4:93
وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
කවරෙකු දේව විශ්වාස වන්තයකු ව උවමනාවෙන් ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ ප්රතිඵලය නිරය වේ. එහි ඔහු සදාතනිකයකු වේ. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වෙයි. තවද ඔහුට ශාප කරයි. තවද ඔහු වෙනුවෙන් අතිමහත් දඬුවමක් පිළියෙල කරයි.
තෆ්සීර්
කිසිදු යුක්තියකින් තොරව, දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති යම් කිසිවකු උවමනාවෙන් කිසිවෙක් ඝාතනය කර සිටියේ නම් ඒයින් මිදුණද, සමාව අයැද නොසිටිය ද ඔහුට හිමි ප්රතිවිපාකය වනුයේ සදාකල් වෙසෙන නිරයට පිවිසීමය. අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වනු ඇත. ඔහුගේ කරුණාවෙන් පහ කරනු ඇත. මෙම මහත් පාපය සිදු කළ හේතුවෙන් ඔහු ඔහුට දැඩි දඬුවමක් සූදානම් කර ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න