සූරා 4 · ජුස් 5

An-Nisa · 4:92

وَمَا كَانَ لِمُؤْمِنٍ أَنْ يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَأً ۚ وَمَنْ قَتَلَ مُؤْمِنًا خَطَأً فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ وَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ إِلَّا أَنْ يَصَّدَّقُوا ۚ فَإِنْ كَانَ مِنْ قَوْمٍ عَدُوٍّ لَكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ وَإِنْ كَانَ مِنْ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ فَدِيَةٌ مُسَلَّمَةٌ إِلَىٰ أَهْلِهِ وَتَحْرِيرُ رَقَبَةٍ مُؤْمِنَةٍ ۖ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِنَ اللَّهِ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

වැරදීමකින් මිස දේව විශ්වාස වන්තයෙකු ඝාතනය කිරීමට දේව විශ්වාසවන්තයකුට සුදුසු නොවීය. තවද කවරෙකු දේව විශ්වාසවන්තයකු ව වැරැදීමකින් ඝාතනය කළේ නම් එවිට ඔහු දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. නමුත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට එරෙහි වූ පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේව විශ්වාස වන්තයකුව ද සිටී නම් දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතුය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. කවරෙකු (මේවා) නොලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය.

තෆ්සීර්

වැරදීමකින් සිදු වන ඝාතනයකින් මිස දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති අයකු උවමනාවෙන් ඝාතනය කිරීම දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති තවත් අයකුට කිසිදු අවශ්යතාවක් නැත. දෙවියන් විශ්වාස කරන්නෙකු වැරදීමකින් ඝාතනය කළේ නම් ඔහු කළ ක්රියාවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එමෙන්ම ඝාතනය කරනු ලැබූ පුද්ගලයාගේ පවුලට වන්දි ගෙවීම ඝාතකයාට උරුමකම් කියන සමීපතයින්හට පැවරෙන වගකීමක් වන්නේය. නමුත් ඔවුන් එය නොසලකා හැරියේ නම් එම වගකීම ඔවුන්ගෙන් ඉවත් වනු ඇත. නමුත් ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු ව සිට,, නුඹලාගේ සතුරු පාර්ශවයෙන් කෙනෙකු වී නම් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන වහල් කාන්තාවක් නිදහස් කිරීම අනිවාර්යය වන අතර වන්දි ලබා දීමක් අවශ්ය නොවන්නේය. ඔහු දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නොවී, නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් කර ගෙන සිටින 'දිම්මි' අයකු (ඉස්ලාමීය රාජ්ය තුළ සිටින මුස්ලිම් නොවන්නෙකු) මෙන් වී නම්, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පවුලට වන්දි පිරිනැමීම ඝාතකයාට උරුමකම් කියන පවුලේ උදවියට පැවරෙන්නේය. එමෙන්ම තමන් කළ ක්රියාව වෙනුවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් විශ්වාස කරන වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එසේ වහලියක් නිදහස් කිරීමට නොහැකි නම් හෝ එහි වටිනාකම ගෙවීමට ද නොහැකි නම් තමන් කළ ක්රියාවට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු පිණිස අඛණ්ඩ මාස දෙකක් කිසිදු වෙන්කිරීමකින් තොරව උපවාසයේ නිරත විය යුතුය. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න